ඔහිය-කලුපහන පාරට පස් කන්දක් කඩා වැටෙයි


(ප්‍රසාද් රුක්මල් )

ඔහිය කලුපහන උඩවේරිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ට බාධා සිදුව ඇතයි හල්දුම්මුල්ල පොලිසිය අද(1) පැවසීය .

පවතින වැසි සමග මෙසේ වෙස්ට් හපුතලේ පාසලට  ආසන්නයේ කලුපහන උඩවේරිය  මාර්ගයට පස්කන්ද කඩා වැටී ඇත.

දෙස්විදෙස් සංචාරකයන් ගේ ගමන් මාර්ගයක් වන මෙම මාර්ගය ඔස්සේ ඔහිය උඩවේරිය වීරකෝන්ගම,ඉදල්ගස්හින්න  ආදි ප්‍රදේශ රැසකට ළඟාවිය හැක.

මාර්ගයට කඩාවැටී ඇති පස්කන්ද බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉවත්කිරිමට කටයුතු සිදු කරන බවද මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කලේය .