
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඔස්ට්‍රේලියාව අද (20) යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන තම රට වැසියන්ට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා තැනින් තැන මහජන විරෝධතා පැවැත්වෙන බවත්, විරෝධතා සඳහා ජනතාව බොහෝ වශයෙන් ඒකරාශී වන බවත්, ඒ අනූව එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වීමට ඉඩ ඇති බවත්, ඕස්ට්‍රේලියා රජය නිකුත් කල එම නිවේදනයේ සඳහාන් වේ.
විරෝධතා පැවැත්වීම හේතුවෙන් රථ වාහන තද බදය ඇතිවිය හැකි බවත්, පොදු ගමනාගමනයට ඉන් බාධා එල්ල විය හැකි බවත් ඕස්ට්‍රේලියා රජය පෙන්වා දී ඇත.
එසේ පැවැත්වෙන විරෝධතා හැකිතාක් මග හරින්නැයි ඕස්ට්‍රේලියානු රජය එරට රටවැසියන්ට පැහැදිලි කර තිබේ.
ජනතාව ප්‍රචණ්ඩකාරී වෙද්දී,කෙටි දැනුම්දීමකින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඉඩකඩ ඇති අතරම ඇඳිරි නීතිය පැනවීමටද ඉඩකඩ ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ආහාර, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීමේදී ගැටළු මතුවිය හැකි අතර විදුලිය විසන්ධි වීම් තවදුරටත් සිදුවන බවත් ඔස්ට්‍රේලියා රජය නිකුත් කළ සංචාරක උපදේශනයේ යාවත්කාලීන කිරීමේ සඳහන් වේ.
(විමුක්ති එස් රුද්‍රිගු)

