ඔන්ලයින් හරහා මත්පැන් අලෙවිය හෙට සිට


(රංජන් කස්තුරි)

අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.

එම වැඩපිළිවෙළට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ අතර ඒ සඳහා කොවිඩ් - 19 වයිරස පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අද පස්වරුවේ ලැබීමට නියමිත බව ද ගුණසිරි මහතා කියයි.

ඔන්ලයින් හරහා ඇණවුම්කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම දැඩි කොන්දේසි 13ක් යටතේ සිදුකරන බව ද  සුරාබදු කොමසිරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එක් පුද්ගලයකුට ඇණවුම් කළ හැකි උපරිමය විදේශ මත්පැන් ලීටර් 12ක්, බියර් ලීටර් 12ක් සහ දේශීය නිෂ්පාදිත මත්පැන් ලීටර් 5ක් ලෙස සීමාකර තිබෙන බව ද ඔහු කියයි.