(නිමන්ති රණසිංහ)
දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය වන ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කිරීමට තීරණයක් ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ලබා ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිගයකින් තොරව ඔක්සිජන් ලබාදීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසත්, ඒ සඳහා වඩා සුදුසු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලබාගන්නා ලෙසත්, මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද පැවසෙයි.
මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් වන අතර, මේ වනවිට එම ප්‍රමාණයද ඉක්මවා යමින් රට තුළ ඔක්සිජන් අවශ්‍යතාවක් මතුව ඇති බවට ඉකුත් දා සෞඛ්‍ය අංශ දත්ත මගින් වාර්තා විය.

