ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වයට රජයෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබීමෙන් විදුලිබල වෘත්තීය සමිතිවලට වර්ජනයකට යෑමට සිදුවුහොත් ව්‍යාපාරික ප්‍රජාවට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව සමස්ත ශ්‍රී ලංකාවේ වෙළෙඳ සංගම් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රංජන් ජයලාල් මහතා පැවසීය.

විදුලිබල සේවකයන් වර්ජනයකට අවතීර්ණ වුවහොත් රටේම විදුලි සැපයුම විසන්දිවීමෙන් ව්‍යාපාරික ප්‍රජාව දැඩි අර්බුදයකට පත්විය හැකි බව කී රංජන් ජයලාල් මහතා එසේ වුවහොත් ව්‍යාපාරික ප්‍රජාවට විශාල මූල්‍ය පාඩු පවා දැරීමට සිදුවිය හැකි බව ද සඳහන් කළේය.

ආණ්ඩුවේම හවුල්කාර පක්‍ෂවලට සාකච්ඡාවක් නොදෙන ජනාධිපතිවරයා විදුලිබල වෘත්තීය සමිතිවලට හොඳ ප්‍රතිචාරයක් දක්වයි යැයි විශ්වාස කළ නොහැකි බවත් විදුලිබල වෘත්තීය සමිති තව දුරටත් රජයට කාලය ලබාදෙන බවත් ජයලාල් මහතා කීය.