ඒ.එස්.පී.ගේ හිතවතිය පැමිණිල්ල අස් කරගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රෙදිපිළි ගණදෙනුවක් සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් සිදු නොකළ බව පවසමින් පිලියන්දල පොලිසියට පැමිණ එහි නිලධාරීන් බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ හිතවතිය කළ  පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

වගඋත්තරකාර පාර්ශ්වය විසින් එකී මුදල ලබාදීමට  එකඟතාවය පළකලද පැමිණිලිකාර හිතවතිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අන් සතු මුදල් තම ව්‍යාපාර වලට යෙදීමට අකමැත්ත පළ කළ  වගඋත්තරකාර පාර්ශ්වය විසින් එකී මුදලින් පිලියන්දල   බටකැත්තර ප්‍රදේශයේ  දුගී පවුලක ට වියලි ආහාර ප්‍රදානය කිරීමට  කටයුතු කර තිබු බව එම නිලධාරියා කීය.

ඉකුත් (3) දින ඇසළ පොහෝ දින පැමිණිලිකාර කාන්තාව සමඟ පොලීසියට බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ස්ථානාධිපතිවරයාට අයත් නිල ජීප් රථයෙන් පිලියන්දල පොලිසියට පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරිවරයා  ට පෙර දින කරන ලද පැමිණිල්ලට අදාළව වගඋත්තර පාර්ශවය පොලිසියට නොකැදවිම සම්බන්ධයෙන් විවිධ  පැමිණිලි අංශය වෙත පැමිණ එම අවස්ථාවේ වැඩ බලන ස්ථානාධිපති වරයාව සිටි උප පොලිස්  පරීක්ෂකවරයා ඇතුළු සෙසු නිලධාරීන්ට මහජනයා ඉදිරියේ දී අවමන් සහගත ලෙස බැණ වැදී හැසිරි තිබිනි.

ඒ හේතුවෙන්   අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ගේ නිලධාරීයෙකුට සුදුසු නොවන ලෙස හැසිරීම සම්බන්ධයෙන්  පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි

ඊට අදාලව පිලියන්දල  පොලිසියේ නිලධාරීන්ට බැණවැදුණු සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන් මෙන්ම ,පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඇතුළු 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි .