
(ඉන්දිකා රාමනායක)
කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් දා පැවැත් වු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ විරෝධතා ස්ථානයේ රාජකාරියට ආ කැලණිය දිස්ත්‍රික් (2) සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරආරච්චි මහතාගේ පොලිස් නිල හැඳුනුම්පත හා බැංකු කාඩ්පත් ඇතුළු ලිපි ලේඛන අස්ථානගත වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලකට අනුව විමර්ශනයක ද ආරම්භ කර ඇත.
අස්ථාන ගතවූ දේපළ මෙතෙක් හමු වී නොමැත.

