එළවලු මිළ පහළට


(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ එළවලු වල මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල් මිළ සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 100 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 40 කටත්, බොංචි කිලෝවක් රුපියල් 280 කටත්,  තක්කාලි කිලෝවක් රුපියල් 140 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 110 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

මෙයට අමතරව මැනිං වෙළඳපොලේ බී ලූනු කිලෝවක් රුපියල් 100 කටත් ලංකා අල කිලෝව රුපියල් 270කටත්, රට අල කිලෝව රුපියල් 140 කටත් අළෙවි වේ.

මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු මිළ ගණන්ද පහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ කියති.