එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය විමසා බලන්න යයි


(ජයන්ත සමරකෝන්)

 
වැලිකඩ බන්ධනාගාරයේ පිහිටුවා ඇති එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය මැනබැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානය විසින් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇත.

මේ වනවිට බන්ධනාගාරය සතුව ඇති එකම එල්ලුම්ගස වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පවතී.

බෝගම්බර බන්ධනාගාරය, මහනුවර නගරයන් ඉවත්කිරීමෙන් පසු එහි පිහිටි එල්ලුම්ගසද ගලවා ඉවත් කෙරිණි.
 
අදාළ වාර්තාවට අනුව කළයුතු හදිසි ප්‍රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු සිදුකරන බවද එල්ලුම්ගස සහිත කුටිය මේ දක්වා යහපත් තත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.
 
1884 පෙබරවාරි 11වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි එල්ලුම්ගස ඉංග්‍රීසීන් විසින් ඉදිකර ඇති බවත් එදින සිට 1979 ජූනි 23 දක්වා 2735දෙනෙකු එහිදී එල්ලා මරා දමා ඇති බවත් බන්ධනාගාර වාර්තාවල දැක්වේ.