එල්ලුම් ගහට නියම වී සිටින මුළු පිරිස 1261 ක්


(ජයන්ත සමරකෝන්)

අද වන විට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා මත සිටින සමස්ථ සිරකරුවන් සංඛ්‍යාව 1261 ක් බවත් එයින් 297 දෙනෙක්ම රඳවා සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරයේ බවත් බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.

ඒ සමඟම මරණ දඬුවමට එරෙහිව 823 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවද බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.

මෙයින් 36 දෙනෙකු කාන්තාවක් බවද සඳහන් වේ.

අභියාචනා ඉදිරිපත් කර නොමැති නමුත් මරණ දඬුවම ලබා සිටින 438 දෙනාගේ ලැයිස්තුවේ ජනාධිපතිවරයා වෙත යවා ඇති 18 දෙනාද ඇතුළත් වන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.