එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල මට්ටම දක්වා ඉහළට


(නිමල කොඩිතුවක්කු)

පවතින එල්නිනෝ තත්ත්වය ප්‍රබල තත්ත්වයේ සිට අති ප්‍රබල එල්ලිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කොළඹ දී අද(20)පැවැසීය.

වියළි කාලගුණ තත්ත්වය පවතින දිස්ත්‍රික්ක සඳහා ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පානීය ජලය සම්බන්ධයෙන් සහ වාරි ජලය සම්බන්ධයෙන් ගැටලු මතු වූ දිස්ත්‍රික කීපයක් හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අම්පාර, මොණරාගල,  මඩකලපුව, රත්නපුර බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික් වල මෙම තත්ත්වය බලපා ඇති බව ද ඔහු සඳහන් කළේය.

එම ප්‍රදේශවලට ගැලපෙන්න ලෙස පානීය ජලය බහුසර මගින් සහ වෙනත් ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.