(ඩයනා උදයංගනී)
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය දා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාවට පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්‍ය, සරත් වීරසේකර මහතා මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

