
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවති කෝවිඩ් එන්නත් කරණ මධ්‍යස්ථානයට එන්නත් ගැනීමට තරුණ පිරිස් පැමිනිම අඩුවීම නිසා එන්නත්කරණ කටයුතු අතරමග නවතා කාර්ය මණ්ඩලය ආපසු කාර්යාල වෙත යැවිමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා පැවසිය.
කොට්ටුකච්චිය එන්නත් මධ්‍යස්ථානයේ 20 - 30 අතර තරුණ තරුණියන් 2000 කට එන්නත් ලබා දීමට සුදානම් කර තිබු බව ද වෛද්‍ය නිලධාරීවරයා පැවැසීය.
මෙම මධ්‍යස්ථානයේදී සයිනෝෆාම් කෝවිඩ් මර්ධන එන්නත ලබා දිම සිදුව තිබුනී.
නමුත් උදේ 8 සිට දහවල් 1 පසුවන විටත් 200 කටත් අඩු පිරිසක් සහභාගි විමත් සමග අදාල එන්නත් කරණ කටයුතු සිදු කිරීම ගැටළුවක් වු බව පැවැසූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා වැඩි තම කාර්ය මණ්ඩලය හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජීකයකු ඇතුළු 35 කට ආසන්න කාර්ය ආපසු කැඳවූ බවයි



