එතෙර සිටින පාතාලයෙකු මෙතෙර ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 5 ඉල්ලලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු විදේශ රටක සිට වට්ඇප් තාක්ෂණය ඔස්සේ කතාකර රුපියල් කෝටි පහක කප්පමක් ඉල්ලූ බවට  ප්‍රධාන පෙළේ ආයතන කීපයකට ශ්‍රමිකයන් සපයන බත්තරමුල්ලේ ව්‍යාපාරිකයකු  බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන එම පුද්ගලයා මීට දින කීපයකට ඉහතදී ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කතා කර එම කප්පම් මුදල ඉල්ලා තර්ජනය කර ඇත.

කප්පම්කරු ඉල්ලූ  කප්පම්  නොදුන් වෙනත් ව්‍යාපාරිකයකුට ඉකුත් 29 වැනි දින සිය ගෝල බාලයන් ලවා තියුණු ආයුධවලින් පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූප කීපයක් ද පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එවා තිබූ බව පොලිසිය කියයි.