එතෙර රැකියා දෙනවැයි ලක්ෂ 21 වංචා කරලා


(රංජන් කස්තුරි)

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 21කට අධික මුදල් වංචා කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි බලපත්‍රයක් නැතිව රුමේනියාව, ජපානය හ දකුණු කොරියාව යන රටවල රැකියා දෙන බව පවසමින් එම පුද්ගලයා ව්‍යජ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් තිබෙන බව ද එම ඒකකය කියයි.

බත්තරමුල්ල පිහිටි ඔහුගේ ආයතනයේ තිබී විදෙශ් ගමන් බලපත්‍ර සහ තවත් ලියකියවිලි තොගයක් සොයාගත් බව ද එම ඒකකය පවසයි.