එතෙර 17කට ජනපති අතින් අක්තපත්‍ර


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර බාර දෙනු ලැබූහ.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරු ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරු ද මෙලෙස පත්ව සිටිති.

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිළිගැනීමට කෙටි උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.