එජාපයේ අරමුණ රනිල් ජනපති- සජිත් අගමැති


අංජුල මහීක වීරරත්න

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (11) පැවසුවාය.

ඒ කාරණය ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරිම පිළිබඳව පක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ දී සාකච්ඡා වු බව කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ පීළිබඳව තීරණයකට එළැඹෙනු ඇතැයි ද ඇය කීවාය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.