
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මහනුවරදී තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමි අද(26) බැහැ දුටුවේය.
මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව එජාප නියෝජිත පිරිස මහනාහිමිවරුන් දැනුවත් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එහිදී මහ නා හිමිවරුන් විමසිලිමත් වී ඇති අතර වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආශිර්වාද කළේය.
පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකෝරල මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

