
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය අනුරාධපුර කඩපනහ දී පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.
එජාප අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතාගේ මෙහෙවීමෙන් ගොවි හමුවක් ද එහිදී පැවැත්විණි.
රුවන් විජයවර්ධන මහතා මෙහිදී පැවසූයේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව දැන් ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බවයි.

