(අංජුල මහික වීරරත්න)
දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් කර ඇත.
වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පත්කර තිබෙන මෙම පාර්ලිමේන්තු කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරු ද රංජිත් මද්දුමබණ්ඩාර සහ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුද සාමාජිකයෝ වෙති.
එජාප කමිටුවලට සජබෙ මහලේකම්වරයා පත්කරන්නේ කෙසේදැයි පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ ඔහුට නැවත එජාප සාමාජිකත්වය දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බවයි.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා එජාප සාමාජිකයෙක් බව අධිකරණය පවා පිළිගෙන තිබෙන්නේ යැයිද පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

