එජනිසය නව රජයට එක්වනවාද නැද්ද තීරණය ජනපති සතුයි



(නාලක සංජීව දහනායක)
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය නව රජයට එක්වෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි එහි මහ ලේකම්, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ලංකාදීපයට අද (16) පැවැසීය. 


කෙසේ වෙතත් නව රජයට එක්නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ වනවිට තීරණය කර තිබූ බවද ඔහු කීය.


මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් හෙට (17) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවද මහලේකම්වරයා ස`දහන් කළේය.