එජනිස මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අනිද්දා


(නාලක සංජීව දහනායක)
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අනිද්දා (18) පෙරවරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වේ.
 
විපක්‍ෂනායකධූරය ඇතුලූ විපක්‍ෂයේ තනතුරු ලබාගැනීම, එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම ඇතුලූ ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවැසීය.
 
මෙම සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගිවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට මේ වනවිටත් දැනුම්දී තිබෙන බවද ඔහු කීය.