(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි ( SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ජනාධිපති කාර්යාලය නිවෙිදනය කරයි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

