(සුජිත් හේවාජුලිගේ)
එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන්ටේනර් හතළිහට රැඳවුම් ගාස්තු ලෙස කෝටි දෙකකට ආසන්න මුදල් වැඩිපුර ගෙවීමෙන් පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ තොරතුරු ඇතුළත් වන්නේ සමුද්‍රීය ආරක්ෂණ පරිසර අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.