එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්


(ශාන්ත රත්නායක)

ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්,  පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය

එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසූයේ ජනවාරි මාසේ ඊශ්‍රායලය විසින් පලස්තීන ට එල්ල කළ ප්‍රහාරවලින් 36 දෙනෙක් මියගොස් තිබෙන බවත් ප්‍රගතිශීලී රටවල් වලින් මෙය ආපස්සට හරවන්නට එකතු වන ලෙසත්,  එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ලංකා ආණ්ඩුවෙන් මෙයට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.