එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්‍ අගමැති හමුවෙයි


(යොහාන් භාසුර)

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ  සරණාගතයින් පිළිබඳ සහකාර මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්  රුවෙන්ද්‍රිනී මැණික්දිවෙල මහත්මිය සහ ශ්‍රී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය අමරසුරිය, ශ්‍රී ලංකාවේ සරණාගතයින් සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාවේ යු.එන්.එච්.සී.ආර්. ජාතික කාර්යාලයේ ප්‍රධානී සංජිතා සත්‍යමූර්ති,  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී. සාගරිකා බෝගහවත්ත, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු මෙම හමුවට සහභාගී වූහ.