එංගලන්තයට කඩුලු 7 ක ජයක්


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂව නිසා බාධා ඇතිවූ මෙම තරගය එක් පිලකට ඕවර 21 ක් දක්වා සීමා කෙරිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 21 තුළදී කඩුුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය

තරග 5 කින් සමන්විත තරගාවලියේදී එංගලන්ත කණ්ඩාය 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

ඡායාරූප - ශාන්ත රත්නායක