එ.ජා.ප 75 සංවත්සර සැමරුම සවස 5ට


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සැප්තැම්බර් 6 වැනිදාට යෙදෙන 75 වන සංවත්සරය සමරමින් අද(5) පස්වරු පහට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට ඩිජිටල් තාක්ෂණය මගින් සංවත්සර උත්සවය විසුරුවා හැරීමට නියමිතය.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එ.ජා.ප 75වන සංවත්සරය උත්සවය" United National Party"ෆේස්බුක් පිටුවෙන් සහ  UNP Central Media Unit නාලිකාවෙන් හෝ සූම් තාක්ෂණයෙන් නැරඹීමට හැකි බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.