ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප


(රෝෂන් තුෂාර)


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී  ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු  කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක්  සිදු කලේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි   ඌව පළාත්  ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල සැකකරු ඇප මත මුදාහැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.

රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවද ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද සඳහන් කළාය.


චීනයේ කිණ්ඩාවෝ සිවික් බයෝ ටෙක්  සමාගම මගින් ආනයනය කිරීමට නියමිතව තිබූ කාබනික පොහොර නැවේ  ව්‍යාධිජනක බැක්ටීරියා අඩංගු බව දැන දැනම ,පාරිසරික වාර්තා ලැබීමට දින පහකට පෙර ණයවර ලිපි නිකුත් කරමින් රජයට රුපියල් කෝටි 138ක්( ඇමෙරිකන් ඩොලර් 68739.75)( ඇමෙරිකන් ඩොලර් මිලියන 6.9 ක්. )පාඩු කළේ යැයි සිදුකරන විමර්ශනයකට අදාව අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරතිබිණි.