ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය ’’හීන් මැණිකේ’’ කොරෝනාවට බිලි


(නිමන්ති රණසිංහ සහ රංජිත් කරුණාවීර)

කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය "හීන් මැණිකේ" ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් "හීන් මැණිකේ" මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රී මෙසේ මිය ගියාය.

හීන් මැණිකේ දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූවාය. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.