උසාවිය අසළදී පොලිස් නිලධාරියාට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 52 පුද්ගලයෙකි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී  විශාල කණ්ඩායමක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලී සිටි අතර  එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පුද්ගලයෙකු විසින් බෝතලයකින් පහර දී තුවාල සිදු කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දී ඇත.