
(යොහාන් භාසුර)
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමෙන් පසුව ඒ සඳහා වන මුදල් ලැබීම පිළිබඳව සැකයක් ඇති බවත් පරීක්‍ෂකවරුන් එම කටයුතුවලින් ඉවත්වුවහොත් දරුවන්ට වන අගතිය පිළිබඳව වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසූහ.
මීට පෙර ප්‍රකාශ කළ පරිදි අත්තිකාරම් මුදල් වහාම සියලුම ඇගයීමේ මධ්‍යස්ථානවලට ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි පැවසූ යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ මේ සම්බන්ධව විධිමත්ව කටයුතු කරන්න ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළහ.
රුපියල් 500 ක දීමනාව රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අනුමත වී ඇත්තේ රුපියල් 2,000 ක් පමණක් කී යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසුවේ රුපියල් 15,000 අත්තිකාරම් මුදලක් ගෙවන බවට පොරොන්දු වුවද මධ්‍යස්ථාන රැසකට එම මුදල ගෙවා නොමැති බවත්ය.

