
(රංජන් කස්තුරි)
12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.
වසර කීපයකින් එම විභාගය නොපැවැත් වූ අතර මෙවර 2019,2020, 2021 සහ 2022 යන වසරවලදී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට ඊට සහභාගී විය හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
එම විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාලස් සහ පෞද්ගලික පාසන් ඒවා වෙන වෙනම බාගත යුතු බවද ඔහු කීය.
රජයේ පාසල්වලට https://online exams.gov.lk/eic වෙබ් අඩවියෙන් ද පෞද්ගලික පාසල්වලට https://online exams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

