උෂ්ණත්වය ඉහළ යෑමෙන් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම තවදුරටත්


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හෙක්ටයාර මිලියන 1 යි දශම 2 ක් ලැව්ගිනිවලින් විනාශ වූ අතර එම ප්‍රාන්තයේ පුද්ගලයෝ තිදෙනෙක් මරණයට පත්වූහ.

මෙම තත්ත්වය හේතුවෙන් මීට පෙර එම ප්‍රාන්තයේ ප්‍රකාශයට පත්කර තිබූ ආපදා තත්ත්වය යළි දීර්ඝ කර ඇත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ පවසයි.

එබැවින් සිකුරාදා වන විට අනතුරුදායක තත්ත්වය වර්ධනය විය හැකි බව බලධාරීහු අනතුරු අඟවති.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවක පැතිර ගිය ලැව්ගිනිවලින් පුද්ගලයෝ 27 දෙනෙක් මරණයට පත්වූහ.


-226-


(බීබීසී ඇසුරෙනි)