උල්හිටියේ වාන් දොරටු තුනක් අරියි


(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු තුනක් මීටර් 0.2 ක් බැගින්  විවෘත කළ බව ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.

පවතින වර්ෂාව සමඟ ජලාශයේ පවත්වාගත යුතු ජල මට්ටමට වඩා ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙසේ වාන් දොරටු තුනක් විවෘත කළ බවද  පවතින වර්ෂාවේ තිවෘතාවය මත ඉදිරියේ දී තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන  අවදානමක් ඇති බවද ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ. 

මේ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ  රත්කිඳ කෝසුව හරහා ගමන්  ගැනීමට දැනට  බාධාවක් නොවුව ද සෙසු  වාන් දොරටු තවදුරටත් විවෘත කළහොත් එහි ගමනාගමනය කළ  නොහැකි වන බවත් මේ පිළිබඳව අවධානයෙන් සිට  විකල්ප මාර්ග භාවිත කළ යුතු බවද ජලාශභාර ඉංජිනේරුවෝ වැඩිදුරටත් සඳහන් කළේය.