(ප්‍රසාද් රුක්මල් )
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ආසන්නයේ හොබරියාව ගොවිපල අසල පදිංචි නැන්දම්මා සහ ලේලියක මෙසේ ජලපහරට කොටුවී දැනට පැය 12 කට ආසන්න කාලයක් පුරා අඩි 10 පමණ උස අට්ටාලයක් මතට නැග දිව්බේරාගෙන ඇත. හොබරියාව ඩී 5 කොටසේ ජලයට කොටුවූ වනජීවි නිලධාරීයා සහ ගවයින් බැලීමට ගිය පහල රත්කිද ප්‍රදේශයේ පදිංචි අයකු හොබරියාව ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති උස් ස්ථානයක රැදී සිටියදී මෙසේ බේරා ගෙන ඇත.