උපාධිය ගැන කතානායක කරුණු කියන්න යයි


(සුජිත් හේවාජුලිගේ)

කතානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබේ.

සිය ප්‍රකාශයෙන් ඊට පැහැදිලි  උත්තර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා(10)  ප්‍රකාශ කළේය.

මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද  පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.