
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට ඇති වූ අසාත්මිකතාවයක් මත දරුවන් හැටකට ආසන්න පිරිසක් පාදුක්ක ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.
එලෙස රෝහල් ගත කළ දරු පිරිසෙන් කීප දෙනකු ප්‍රතිකාර ලබා ගෙන පිටව ගොස් ඇති බවත් තවත් හතළිහකට ආසන්න රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දරුවන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බවත් පොලිසිය පවසයි.
පාසලේ උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් මත මෙලෙස දරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.

