(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((31) නිවේදනය කළේය.
දෙසැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ආහාර නොවන කාණ්ඩයේ ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 4.7 ක් බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය දෙසැම්බර් මාස සියයට සෘණ 3.0 ක පැවති බව ද සඳහන් කරයි.