අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.
ඉකුත් ජූලි මාසයේ දී පැවැති උද්ධමනය සියයට 5.7ක් වූ අතර එය සියයට 0.3කින් අගෝස්තු මාසයේ දී සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 11.0ක් ලෙස පැවැති අතර එය අගෝස්තු මාසයේ දී සියයට 11.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 3.2ක් ලෙස පැවැති අතර අගෝස්තු මාසයේ දී සියයට 3.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගි මිල දර්ශකයේ වෙනස සුළු වශයෙන් ඉහල ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඉකුත් ජූලි මාසයේ දී එම අගය සියයට 4.2ක් ලෙස පැවැති අතර එය අගෝස්තු මාසයේ දී සියයට 4.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

