උදයගේ විශ්වාසභංගය අද විවාදයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (19) උදේ 10.00 සිට විවාදයට ගැනේ .

කතානායකවරයා විසින් මූලික නිවේදන ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව විවාදය ආරම්භ කිරීමට නියමිතය .

විවාදය අදත් හෙටත් පැවැත්වේ .

විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම හෙට පස්වරු 5.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .

දෙවැනි දිනයේ විවාදය ආරම්භවීමට පෙර මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම උදේ 10.00 සිට 11.00 දක්වා සිදු කෙරේ .

උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු චෝදනා ගණනාවක් මුල්කරගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43දෙනකුගේ අත්සනින් සකස් කෙරුණු මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයාට පසුගිය ජුනි මස 23 වැනිදා බාරදෙනු ලැබීය .