(විමුක්ති එස් රුද්‍රිගු)
දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පවතින වෙළඳපොළ මිලට වඩා වැඩි මුදලකට ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයා බස් මිලදී ගැනීම සඳහා කපිල චන්ද්‍රසේන මහතා පගාවක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඔහු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බැවින් චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක, වීසා සීමා කිරීම් පනවන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
උදයංග වීරතුංග මහතා ලංකා හමුදාවට මිත්‍යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත යෝජනා ක්‍රමයක් අනුගමනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බවත් හේතුවෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක සහ වීසා සීමා කිරීම් පනවන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.