(මනෝජ් හර්ෂික)
උතුරු පළාතේ සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්තපුර ආරම්භ කර කර්මාන්ත පුබුදුවක් ඇති කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) පැවසීය.
මහබැංකු වාර්තාවලට අනුව දළදේශීය නිෂ්පාදනයට උතුරු පළාතෙන් ලබාදෙන දායකත්වය 15% ක් වැනි පහළ මට්ටමක පවතින බවත්, එය සමාජීය වශයෙන් රටට අනතුරුදායක තත්ත්වයක පවතනි බවද ඒ මහතා පැවසීය.
මේ හේතුවෙන් උතුරු පළාත ඇතුළු රටේ සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්තපුර නිර්මාණය කර රැකියා අවස්ථා බිහිකිරීම තුළින් ග්‍රාමීය ජනයාට මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබාදීමට මෙමඟින් හැකිවන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් නැගෙනහිර ඌරෙලු ප්‍රදේශයේ ඉදිකළ “පොක්කනෛ ග්‍රාමම්”උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
උතුරේ කර්මාන්ත පුබුදුවක් ඇතිකරනවා
Recommended Articles