(රෝෂන් තුෂාර)
මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ,ජාතික ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට නියෝග රැසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක් මාලි මහත්මිය අද නිකුත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ශ්‍රී ලංකා යුද හමුදාවට,මැණික් හා ස්වර්ණාභරණණ අධිකාරියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට,අපරාධ වාර්තා කොට්ඨාසයට,ලංකා බැංකුවට නිකුත් කළ අතර,අදාළ විමර්ශනයන් භාරව කටයුතු කරන සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ලේඛනයක්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
රන් භාණ්ඩ සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව සියලු රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු තුළ ගබඩා කිරීමට කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.