
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද කොරෝනා මර්දන එන්නත අද (30) සිට උතුරේ ආරක්ෂක අංශ සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයකට රෝහල් කාර්ය මණඩල සාමාජිකයින් සඳහා එන්නත් කිරීම ආරම්භ කොට ඇත.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, මන්නාරම 54 සේනාංකය, කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයන්හි ආරක්ෂක සේවාවන්හි නරත යුදහමුදා සෙබලුන් හට මෙලෙස එන්නත ලබා දීමට පියවර ගෙන ඇත.
යාපනය ශික්ෂණ රෝහලේදීද උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී ඇතුලු උතුරු පළාතේ රෝහල්හි වෛද්‍යවරුන්, රෝහල් කාර්යමණ්ඩල හා සෞඛ්‍ය නිලධාරින්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම සිදුවිය.
මේ අනුව උතුරු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට ලබාදීමට ප්‍රථමයෙන් ආරක්ෂක අංශයට සහ සෞඛ්‍ය නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට පියවර ගෙන ඇති අතරම ඊට සමගාමීව පෙබරවාරි මස මුල් සතිය අවසන් වීමට ප්‍රථම සාමාන්‍ය වැසියන්ටද මෙම එන්නත ලබාදීමට හැකිවනු ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය නිලධාරිහු වැඩිදුරටත් පැවසූහ.




