උඩුගම ඉඩමකින් උණ්ඩ මතුවෙයි


(ඩී.ජී. සුගතපාල)

උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබු ටී56 ජීව උණ්ඩ 45ක් අද දහවල් සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ගාල්ල මුලස්ථාන දිසා බුද්ධි සේවයේ නිලධාරියෙකුට ලැබුන තොරතුරක් අනුව ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් විශාල ගලක් යට සඟවා තිබු පාර්සලයක් ගෙන පරික්ෂා කිරිමේදි එහි තිබි මෙම ටී.56 ජිව උණ්ඩ සොයාගෙන ඇත.

වැඩිදුර පරික්ෂණ සඳහා උණ්ඩ උඩුගම පොලිසියට බාර දි ඇත.