(අජිත්ලාල් ශාන්තඋදය )
උඩවළව ජාතික උද්‍යානයේ සිටි අවුරුදු එකොළහක් පමණ වයසැති ඇති ඇත් පැටවෙකු උඩවලව ජලාශයේ ස්වාභාවික පිටවාන තුළදී දඩයක්කරුවකු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.
නිකුත් වූ වෙඩි පහරට ලක්ව මියගොස් ඇති බව වනජීවී දෙපාර්තවේන්තුව පවසයි.
මෙලෙස මරා දමා ඇති ඇත් පැටවා ‘ටී 212’ දරණ හඳුනාගැනීමේ අංකයෙන් නම් කර ඇති ඇත්පැටවා බව ද වනජීවී දෙපාර්තමේන්තුව සහතික කරන අතර .
ඇත් පැටවාට වෙඩි වැදීමෙන් පසු බිම වැටුණු අයුරින්ම , ජලාශයේ පිහිටි වතුර සහ මඩ සහිත වගුරුබිම් කොටසක අයුරින් මියගොස් තිබූ අතර කෑමට ගත් තණ පඳුරක් හොඩයේ ඒ අකාරයටම තිබුණි.
ඇත්පැටවාගේ හිසට වැදුන වෙඩිල්ල මරණයට හේතුවී ඇතිබව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දි නිගමනය වී ඇති අතර මූනිස්සම් දෙකක් හිසට වැදී ඇත. එක් මූණිස්සමක් සෙන්ටි මීටරයක් පමණ දිග එකක් වන අතර එහි පැත්තක් ග‍්‍රයින්ඩර්යකින් උල් කර තිබු බවද පවසයි.
ඇත්පැටවාගේ දළ යුගළ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.