(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගස කපා ඉවත් කිරිමත් සමඟ අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (27) දහවල් සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) උදෑසන මෙසේ විශාල ගසක් කඩා වැටී උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ගල්බොඩ අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු අතර ඊයේ (26) දිනද ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර මෙම ස්ථානයේදීම විශාල ගසක් කඩා වැටී කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිනැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරියකු සදහන් කලේය .