( ප්‍රසාද් රුක්මල් )
වැසි සමඟ උඩුවර 7කණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය අද (2) අලුයම සිට සාමාන්‍ය පිරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මේ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (2) සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
පසුගිය දිනවල බදුල්ල ප්‍රදේශයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉකුත් 25 වන දින අලුයම උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මුලුමනින්ම ඇණ හිට තිබූ අතර ,බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .
මේ අනුව කොළඹ කොටුව සිට නානුඔය , බණ්ඩාරවෙල සහ ඇල්ල දක්වා දුම්රිය ධාවනය සීමා විය .