උඩරට දුම්රිය මාර්ගය යළි වැඩ


(මහින්ද නිශ්ශංක සහ රංජිත් රාජපක්ෂ)

වටගොඩ හා හැටන් අතර දුම්රියක් පීලි පැනීම නිසා ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

ඒ අනුව අද 13 රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ හා බදුල්ල බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරෙන බව ද දෙපාර්තමෙන්තුව කියයි.

නාවලපිටියේ සිට නනුඔය දක්වා අද (13) පස්වරුවේ ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර 121 වෙනි සැතපුම් කණුව අසල පිලි පැණිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (12) පස්වරු 6.15 සිට (13) දින පස්වරු 2 ක දක්වා ඇන හිට තිබුණි.